ABOUT US

About The Journey of BrownGrow

WHO WE ARE

About Brown Grow (Pvt) Ltd

Browngrow coco coir factory



තරුණ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙක් ලෙස 90 දශකයේ අග සමයේ සිට චමිල ලෝපේස්, පොල් කොහු නිෂ්පාදන කර්මාන්තයේ තිබෙන ව්‍යවසාය අවස්ථා සොයා බලන ලදී. ඒ කාලයේ ඇතැම් අපනයනකරුවන් අනුගමනය කරන ලද පිළිවෙත් ඔහු හොඳින් නිරීක්ෂණය කල අතර, කොහු නිෂ්පාදකයින්ගෙන් පාරිභෝගිකයින්ට තමන් අපේක්ෂා කල නිෂ්පාදනය නොලැබීම වැනි මේ කර්මාන්තයේ බොහෝ අඩුපාඩු චමිල විසින් හඳුනා ගන්නා ලදී. කොහු නිෂ්පාදකයින්ගෙන් පාරිභෝගිකයාට ලැබෙන නිෂ්පාදනය සහ කොහු නිෂ්පාදනයක ප්‍රමිති සහ ගුණාත්මක භාවය පිළිබඳ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් අතර නිරන්තරයෙන් පුළුල් වන පරතරයක් දක්නට තිබුණි.

ශ්‍රී ලංකාවේ වර්තමාන කොහු නිෂ්පාදන නිෂ්පාදකයින් බොහෝ දෙනෙක් කොහු ව්‍යාපාරයේ වෘත්තිය සුදුසුකම්ලාභීන් නොවන බවත්, එබැවින් ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් සහ තාක්ෂණික දැනුමක් නොමැති බැවින් ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන වෙළෙඳපොළට බෙදා හැරීම සිදු වන බවත් චමිලගේ අවධානයට ලක්විය. එසේ කොහු නිෂ්පාදන වල ගුණාත්මක බව පිළිබඳව කොහු නිෂ්පාදකයින් අඩු සැළකිල්ලක් දැක්වීමට මූලික හේතුව වූයේ නිෂ්පාදනයේ පිරිවිතර පිළිබඳව වැරදි තොරතුරු සපයා අවසාන පාරිභෝගිකයා රවටා ලාභ ආන්තික වැඩි කර ගැනීමයි.

චමිල මෙය අගනා ව්‍යාපාර අවස්ථාවක් ලෙස හඳුනා ගත් අතර, කොහු කර්මාන්තය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා නිෂ්පාදන වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම කොහු නිෂ්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව ප්‍රමිතිගත කිරීමට ඔහු කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලදී


ශ්‍රී ලංකාව තුල පොල් කොහු පිළිබඳ ප්‍රමාණවත් තරම් වෙළඳපල දත්ත, පර්යේෂණ හෝ නව නිෂ්පාදන සංවර්ධන අවස්ථා නොමැතිකම නිසා ඒ සම්බන්ධ ගොවීන්ගේ වැඩිදියුණු කල හා නව්‍ය දැනුම මෙන්ම අපේක්ෂාවන් දැන ගැනීම සඳහා, චමිල ලොව පුරා රටවල් කිහිපයකට සංචාරය කරන ලදී. ඔහුගේ ඒ සංචාර වලදී, වගාකරුවන් සහ කොහු කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීම සඳහා මහා පරිමාණ වගාකරුවන් සහ කෘෂි විද්‍යාඥයින් සමඟ ද සාකච්ඡා කරන ලදී. රටෙන් රටට වගාකරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනස් වන බවත් සෑම වගාකරුවෙකුම තම රටේ විශේෂිත දේශගුණික කලාප සහ භෝග වලට ගැලපෙන ලෙස සකස් කරන ලද කොහු නිෂ්පාදන ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් චමිල සොයා ගන්නා ලදී.





ලාභය වෙනුවට පාරිභෝගිකයාට ප්‍රමුඛතාවය ලබා දුන් චමිල, වගාකරුට හොඳම දේ ලබාදීමට සැමවිටම මුල් තැනක් ලබා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද විශේෂ පර්යේෂණවලින් අනතුරව, BrownGrow යන වෙළඳ ​​සන්නාමය යටතේ ලොව හොඳම කොහු නිෂ්පාදනවලින් එකක් නිර්මාණය කිරීමට චමිලට හැකියාව ලැබුණි.

චමිල, ඔහුගේ ව්‍යවසායක ගමන අතරතුර ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයන්ගේ මිළකල නොහැකි උපදෙස් ලබා ගන්නා ලදී. ඔහු දශකයකට වැඩි කාලයක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කර, BrownGrow ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර අපගේ කණ්ඩායම විසින් නිශ්චිත දේශගුණික කලාප සහ භෝග සඳහා සුදුසු නව්‍ය කොහු නිෂ්පාදන සංවර්ධනය කිරීම දිගටම සිදු කරගෙන යනු ලැබේ.

අපගේ නිෂ්පාදන සැපයුම් දාමයේ සහ නිෂ්පාදන ක්‍රියාවලියේ අනුරූපත්වය ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගෙන යනු ලැබේ. එමෙන්ම කොහු වගා මාධ්‍යයේ තත්ත්ව ප්‍රමිතීන් ස්ථාපිත කරමින්, ලබාගත් සියලුම අමුද්‍රව්‍ය ප්‍රමිතිගත ක්‍රියාවලියකට අනුව පරීක්ෂා කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය කොහු නිෂ්පාදකයා බවට BrownGrow පත් විය. වැඩිදියුණු කළ, කාර්යක්‍ෂම සහ ප්‍රමිතිය මූලික කරගත් නිෂ්පාදන ක්‍රියාවලියක් සමඟින්, BrownGrow සිය සමස්ත නිෂ්පාදන පරාසය තුළම එක සමාන උසස් තත්ත්වයේ ප්‍රමිතීන් පවත්වා ගෙන යාමට සමත් වී තිබේ.




තමන්ගේ අවශ්‍යතාවලට වඩා අන් අයගේ අවශ්‍යතාවලට මුල්තැන දීමේ ප්‍රශංසනීය ගුණයක් තිබෙන, පරිත්‍යාගශීලී පුද්ගලයෙක් වන චමිල අප අතර සිටින අඩු වරප්‍රසාද හිමි ප්‍රජාවන් නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම තවත් රටවල් කිහිපයක සමාජ වගකීම් ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධ වී සිටී.

Vision & Mission

of Brown Grow (Pvt) Ltd

Browngrow vission and misson





දැක්ම

පරිසරයට, ප්‍රජාවට මෙන්ම අපට ද කිසිදු අයුරකින් හානියක් නොවන ආකාරයේ තිරසාර මෙහෙයුමක් පවත්වාගෙන යාම.

මෙහෙයුම

අවසාන පරිශීලකයාට වටිනාකමක් එක් කරන උසස් තත්ත්වයේ කොහු පීට් සහ පොල් ලෙලි කැබලි වගා වර්ධන විසඳුම් නිෂ්පාදනය කිරීම.