කොහුබත් පීට් උපස්තර වල ගුණාත්මකභාවය

කොහුබත් පීට් යනු පොල් ගෙඩියේ පිටත ලෙල්ලෙන් නිස්සාරණය කරන ස්වභාවික තන්තු යොදා ගෙන නිර්මානය කල උපස්තරයක් වන අතර, මල් වර්ග, එළවළු වර්ග, බෙරි වර්ග සහ ගංජා ඇතුළු ශාක බොහෝමයක් සඳහා විශිෂ්ට වර්ධන මාධ්‍යයක් බවට පත් වී ඇත. පොල් කොහුබත් යනු 100% ස්වභාවික, දිරාපත් වන, විෂ නොවන සහ පරිසර හිතකාමී උපස්තරයක් වන අතර එය භාවිතා කිරීම නිසා ශාකවලට හෝ පරිසරයට කිසිදු හානියක් සිදු නොවේ. අද ලෝකයේ භාවිතා වන සීමිත පරිසර හිතකාමී වර්ධන මාධ්‍ය විකල්පයන් අතුරින්, කාලයත් සමඟ ක්‍රමක්‍රමයෙන් දිරාපත් වන සහ පස පෝෂණය කරන මෙන්ම සම්පූර්ණයෙන්ම දිරාපත් වී යන එකම මාධ්‍යය පොල් නිෂ්පාදන/කොහුබත් ය. එමෙන්ම පොල් කොහුබත් පුනර්ජනනීය සම්පතක් ද වේ. පල් වූ කොහුබත් තලා පළමු වරට අස්වැන්න ලබා ගැනීමෙන් පසුව නැවත එය ප්‍රතිසංස්කරණය කිරීමට වසර ගණනාවක් ගත වේ. ගිනිකඳු පාෂාණවලින් ලබාගන්නා රොක්වූල් (Rockwool) සහ ප'ලයිට් (Perlite) දුර්ලභ වේ. නමුත් පොල් කොහුබත් අසීමිත ලෙස පොල් ගස්වලින් නෙලා ගත හැකි අතර නව ගස් සිටුවිය හැකි නිසා එය පුනර්ජනනීය සම්පතක් ලෙස හැඳින්විය හැකිය.

Browngrow Quality Raw Materials

ගුණාත්මක අමුද්‍රව්‍ය සපයා ගැනීම

කොහුබත් කර්මාන්තය තුළ උසස් තත්ත්වයේ පොල් නිෂ්පාදන නිෂ්පාදනය කරන සැපයුම්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ලෝකය පුරා ප්‍රසිද්ධ වී තිබේ. එම නිසා Brown Grow ආයතනය තම නිෂ්පාදන වල ගුණාත්මක ක්‍රියාවලිය තහවුරු කිරීම මුල් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ මූලික අදියරේ සිටම ආරම්භ කරන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සාරවත් පොල් වතු වලින් ඉතා උසස් තත්ත්වයේ පොල් ලෙලි කැබලි සහ කොහුබත් පීට් පමණක් තම නිෂ්පාදන වලට යොදා ගනු ලබයි.

Browngrow Coco Peat Water holding capacity Increased

මිශ්‍රණය නිවැරදිව ලබා ගැනීම

විවිධ භෝග, රටවල් සහ දේශගුණික වෙනස්කම් ඉලක්ක කරගත් සුවිශේෂී කොහුබත් නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා පොල් කොහුබත් අමුද්‍රව්‍ය මිශ්‍රණය වෙනස් කිරීමට සහ වඩාත් උචිත ලෙස සකස් කිරීමට, කොහුබත් කර්මාන්තයේ වසර ගණනාවක පලපුරුද්ද, පර්යේෂණ සහ සංවර්ධන (R&D) සහ දැනුම Brown Grow ආයතනයට උපකාර වේ.

අපගේ නිෂ්පාදන ගොන්නට අයත් සෑම නිෂ්පාදනයක් සඳහාම කොහුබත් පීට් සහ පොල් ලෙලි කැබලි වල නිවැරදි සම්මිශ්‍රණයක් ලබා ගැනීමේ රහස Brown Grow හි R&D කණ්ඩායම විසින් විවිධ පර්යේෂණ සහ වෙනස්කම් වලින් අනතුරුව සොයාගෙන ඇති අතර, එහි ප්‍රතිඵල ලොව පුරා තෘප්තිමත් වගාකරුවන් සිය ගණනක් විසින් වැඩි අස්වැන්නක් නෙළා ගනිමින් අත්විඳිනු ලැබේ.

ප්‍රමාණයෙන් විශාල හා සෞඛ්‍ය සම්පන්න ලෙස මුල් වර්ධනය වීම සඳහා අවශ්‍ය ජලය රඳවා ගැනීමේ ඉහළ හැකියාව සහ වාතය සංචරණය වීමේ හැකියාව කොහුබත් සම්මිශ්‍රණය මගින් බොහෝ දුරට පාලනය කරන බැවින් එම නිවැරදි සම්මිශ්‍රණය ලබා ගැනීම හරහා ඵලදාව වැඩි කිරීමට සහ ශාක සෞඛ්‍ය සම්පන්න කිරීමට හැකි වීම Brown Grow වගා මළු වල සාර්ථකත්වයන් අතරින් එකක් බවට පත් විය.

Brown Grow Coconut coir bulk

නිෂ්පාදන ක්‍රියාවලියේ තත්ත්ව ප්‍රමිතිය සහ අනුකූලතාව

දිවයිනේ සාරවත් පොල් වතුවලින් ගුණාත්මක අමුද්‍රව්‍ය සපයා ගැනීම අපගේ ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියේ පළමු අදියර වේ. කර්මාන්තශාලාවට රැගෙන එන අමුද්‍රව්‍ය Brown Grow තත්ත්ව පරීක්ෂණ අංශය විසින් තත්ත්ව පරීක්‍ෂණ මාලාවකට භාජනය කරන්නේ උසස් තත්වයට නොගැලපෙන අමුදුව්‍ය ඉවත් කිරීමටත් සහ තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල උසස් තත්ත්වයේ කොහුබත්බත් පමණක් තෝරා ගැනීම සඳහා වේ. ඒ සඳහා තෙතමනය, pH සහ EC මට්ටම් ආදිය වැඩිදුර තත්ව පරීක්ෂා භාවිතා කරනු ලැබේ. නිෂ්පාදන ක්‍රියාවලිය අවහිර කල හැකි ප්‍රධාන පියවරක් ලෙස අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම හැඳින්විය හැකි වුවත් නිෂ්පාදන වෙළඳපොලට ප්‍රමුඛ පෙළේ වගා මාධ්‍ය ඉදිරිපත් කිරීම සඳහා ගුණාත්මක අමුද්‍රව්‍ය වලට අපි මුල් තැනක් ලබා දෙන්නෙමු.

උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කිරීම සහ එක් එක් නිෂ්පාදිත නිෂ්පාදනයේ තත්ත්ව ප්‍රමිති එක සමාන උසස් තත්වයකින් පවත්වා ගැනීම අරමුණු කරගනිමින් නිෂ්පාදන දාමය සකස් කර තිබේ. Brown Grow හි නිෂ්පාදන සෝදා ගැනීම සඳහා භාවිතා කරන ජලය බාහිර රසායනික ද්‍රව්‍ය හෝ කාරක මිශ්‍ර වී දූෂණය වී නොමැති බව සහතික කිරීම සඳහා පිරිසිදු උල්පත් ජලය යොදා ගනු ලැ‌බේ.

Brown Grow නිෂ්පාදනය කරන සියළුම නිෂ්පාදන 100% ස්වභාවික හා පිරිසිදු පොල් කොහුබත් කැබලි සහ කොහුබත් පීට් භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලැබේ. අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක බව හා තාක්ෂණික ප්‍රමුඛතාවය මෙම කර්මාන්තයේ සිටින වෙනත් තරඟකරුවෙකුට සම කළ නොහැකි බව අපට තහවුරු කළ හැකිය.




OUR QUALITY STANDARDS

brown grow qyality standards