Coir Products
ශ්‍රී ලංකාවේ පොල් වතුවලින් ලබා ගන්නා කොහුබත්බත් බෝග වගා කිරීම සඳහා භාවිතා කරන ලොව හොඳම මාධ්‍ය අතරින් එකකි. ස්වභාවිකවම සෝඩියම් අන්තර්ගතය අඩු නිසා සහ නිසි පිළියම් යෙදීමෙන් කොහුබත් වගා මාධ්‍යයක් ලෙස ගුණාත්මක භාවයෙන් අසමසම වේ.
අපෙන් නිතර අසන ප්‍රශ්න වලට පිළිතුරු මෙතැනින්…
කොහුබත් යන්නෙන් හඳුන්වන්නේ පොල් අස්වනු නෙලීමේ ක්‍රියාවලියේ අතුරු ඵලයක් වන පොල් ගෙඩියේ පිටත ලෙල්ලෙන් ලබාගන්නා තන්තුමය කොටස වේ. කොහුබත් ස්වභාවිකව පෝෂ්‍ය පදාර්ථ වලින් සාරවත්, ජලය රඳවා තබා ගැනීමේ සහ බැහැර කිරීමේ හැකියාව තිබෙන, හොඳ වාත සංචරණයක් තිබෙන සහ පහසුවෙන් දිරාපත් වන විශිෂ්ට වගා මාධ්‍යයක් වේ.
කොහුබත් වගා මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමේ ප්‍රධාන වාසි වන්නේ එහි සවිවරතාව (වාතය රැස් වන කුහර තිබීම) සහ ජලය සහ පෝෂ්‍ය පදාර්ථ රඳවා ගැනීමේ හැකියාවයි. පොල් කොහුබත් කෙඳිවලට ජලය රඳවා තබා ගැනීමට මෙන්ම අනවශ්‍ය ජලය ඉවත් කිරීමේ හැකියාව ඇත.
වගුරු පාසි වලින් නිර්මාණය කරන පීට් (Sphangum Peat Moss) වැනි වගා මාධ්‍යවල pH අගය අඩු නිසා ඒවායේ ආම්ලික ස්වභාවය වැඩි අගයක් ගත්තද සාපේක්ෂව පොල් කොහුබත් වල pH අගය සාමාන්‍යයෙන් 5.7- 6.7 පරාසයේ මධ්‍යස්ථ අගයක් ගන්නු ලැබේ.
අස්වැන්න නෙලා ගැනීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට වසර ගණනාවක් ගත වන වෙනත් පීට් පාසි (Peat Moss) වැනි අනෙකුත් වගා මාධ්‍යවලට සාපේක්ෂව පොල් කොහුබත් පුනර්ජනනීය හා කාබනික උපස්ථරයකි.
කොහුබත් පහසුවෙන් දිරාපත් වන නිසා එය පරිසර හිතකාමී වන අතර, එය පාවිච්චියෙන් පසු බැහැර කිරීමෙන් පසුව පවා පස සාරවත් කරනු ලැබේ.
අනෙකුත් ප්‍රමාණයෙන් විශාල වගා මාධ්‍යවලට සාපේක්ෂව, කොහුබත් ප්‍රවාහනය කිරීම පහසු වේ. කොහුබත් වල පරිමාව හත් ගුණයකින් සම්පීඩනය කිරීමේ හැකියාව, ලොව පුරා වගාකරුවන්ට ලාභදායී විකල්පයක් බවට පත් වී තිබේ.
ඔව්. එය 100% කාබනික නිෂ්පාදනයක් වන අතර එය සම්පූර්ණයෙන්ම පොල් ලෙලි යොදා ගෙන එය නිර්මාණය කර ඇත. Brown Grow නිෂ්පාදන කාබනික ද්‍රව්‍ය සමාලෝචන ආයතනය (OMRI) විසින් නිකුත් කරන ජාත්‍යන්තර කාබනික සහතිකය යටතේ ද සහතික කර ඇත.
ඔව්. කොහුබත් සම්පූර්ණයෙන්ම දිරාපත් වන අතර (ජෛව හායනය වන අතර) දිරාපත් වූ කොහුබත් කාලයත් සමඟ පස ද සාරවත් කරයි.
Brown Grow Coco Coir නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා පොල් ලෙලි ලබා ගැනීමේ සිට භාවිතයෙන් පසු බැහැර කිරීම දක්වා ම 100% ස්වභාවික සහ පරිසර හිතකාමී නිෂ්පාදන වේ. අද ලෝකයේ භාවිතා වන සීමිත පරිසර හිතකාමී වගා මාධ්‍ය විකල්ප අතරින්, මෙම කරුණ ගැන පුරසාරම් දෙඩීමට හැකි එකම වගා මාධ්‍යය වන්නේ පොල්/කොහුබත් ය.
අපෙන් නිතර අසන ප්‍රශ්න වලට පිළිතුරු මෙතැනින්…
පහත දැක්වෙන පරිදි අපට ප්‍රධාන වෙළඳ නාම 2 ක් තිබේ;
1) 'Brown Grow'
ගාවට සූදානම් Gold, Diamond, Platinum, Disc සහ Berry Mix නම් වූ අත්හදා බැලීම් සහ පරීක්‍ෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව තහවුරු කළ අපගේ සම්පූර්ණ නිෂ්පාදන පෙළ මේ සන්නාමයට අයත් වන අතර අප ව්‍යාපාරය ආරම්භ කළ සන්නාමය වන්නේ ද එයයි.
2) 'Universal'
දශකයකට වැඩි කාලයක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කර සහ විශේෂඥ දැනුම භාවිතා කර නිෂ්පාදනය කර ඒවා වගාකරුවන්ට හඳුන්වා දී ඔවුන්ගේ ප්‍රතිපෝෂණ මත තවදුරටත් වැඩිදියුණු කළ අපගේ නව නිෂ්පාදන එකතුව මේ සම්නාමය යටතේ නිෂ්පාදය වේ. සියලුම Universal නිෂ්පාදන අපිරිසිදුකාරක හා විදේශීය අංශු ඉවත් කිරීම සඳහා පිරිසිදු උල්පත් ජලය භාවිතයෙන් හොඳින් සෝදා ඇත.
Universal නිෂ්පාදන භාවිතයට පෙර පැය 6 ක් පමණක් සේදීම ප්‍රමාණවත් වේ. එබැවින් පැය 48 ක සේදීමක් අවශ්‍ය වන සෝදා නොගත් නිෂ්පාදනවලට සාපේක්ෂව, Universal නිෂ්පාදන වගාකරුට සැලකිය යුතු ජල ප්‍රමාණයක් සහ කාලයක් ඉතිරි කර ගැනීමට ඉඩ සලසයි.
අපගේ නිෂ්පාදන විශේෂිත බෝග වර්ග වලට ගැලපෙන ආකාරයට සංවර්ධනය කර තිබේ. කෙසේ වෙතත්, ඔබේ වගා කරන දේශගුණික කලාපය සහ වගාවට තෝරා ගන්නා බෝග අනුව නිෂ්පාදන විශේෂ නියමයන් වෙනස් විය හැකිය.
ඔබේ බෝග සහ දේශගුණික කලාපයට හොඳින්ම ගැලපෙන කොහුබත් නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කරුණාකර අපගේ තාක්ෂණික නිෂ්පාදන උපදේශක අමතන්න.
lopez@browncoir.com
+94 77 313 0010 WhatsApp
පසුගිය දශක දෙකක කාලය තුළ ලෝකයේ රටවල් ගණනාවක වගාකරුවන් දහස් ගණනකට නිෂ්පාදන සපයන විශ්වාසනීය සන්නාමයක් බවට Brown Grow පත් වී තිබේ. ලෝක ව්‍යාප්ත වගාකරුවන් සමඟ සමීපව කටයුතු කරමින්, ඔවුන්ගේ ගැටලු හඳුනා ගනිමින් ඒ ගැටලු වලට විසඳුම් ලබා දිය හැකි ආකාරයෙන් නිෂ්පාදන නව්‍යකරණය කිරීමෙන් අපි අපගේ නිෂ්පාදන හොඳම තත්වයට සංවර්ධනය කර තිබේ. අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ස්ථාවර තත්ත්ව ප්‍රමිතීන් අනුගමනය කරනු ලැබේ.