කොහුබත් නිෂ්පාදන

Brown Grow පොල් කොහුබත් නිෂ්පාදන සැලසුම් කර තිබෙන්නේ පස් රහිත වගා ක්‍රම වන හයිඩ්‍රොපොනික් (ජලජ රෝපිත වගාව), ගෙවතු වගාව සහ සිරස් වගාව වැනි සියළුම වර්ග හා සම්බන්ධ පාරිභෝගිකයින්ගේ බහුවිධ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙනයි. බීජ රෝපණය සඳහා යොදා ගන්නා ස්ටාර්ටර් ප්ලග් සහ කියුබ් (Starter plugs & cubes), වගා මළු, ජර්බෙරා තැටි (Gerbera Discs) සහ ෆාස්ටර් බෑග් (Faster Bags) යනාදියෙන් සමන්විත අපගේ විවිධ නිෂ්පාදන අති නවීන පහසුකම් යොදා ගනිමින් උසස් තත්ත්වයේ පොල් කොහුබත් නිෂ්පාදන භාවිතා කර නිෂ්පාදනය කෙරේ. පොල් කොහුබත් 100% ක්ම දිරාපත් වන අතර පරිසර හිතකාමී වේ. කොහුබත් නිෂ්පාදනවල තිබෙන ඉහළ වාත සංචරණය (aeration) සහ ජලය රඳවා ගැනීමේ හැකියාව නිසා පස් සහ අනෙකුත් වර්ධන මාධ්‍යවලට සාපේක්ෂව බලන විට සියළුම භෝග සඳහා උචිත කාබනික පදනමක් සැපයීමට කොහුබත් වලට හැකියාව ඇත. Brown Grow කොහුබත් නිෂ්පාදන තක්කාලි, පිපිඤ්ඤා, ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, කංසා, ජර්බෙරා සහ රෝස වැනි විශේෂිත භෝග ප්‍රභේදවලට ගැලපෙන ආකාරයට සංවර්ධනය කර ඇති නිසා එක් එක් බෝග වර්ගය සඳහා වඩාත් සුදුසු වර්ධන මාධ්‍යය සැපයිය හැක. අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම ගුණාත්මකභාවය එලෙසම පවත්වා ගැනීම සඳහා පොල් කොහුබත් ඉතා සූක්ෂම ලෙස තෝරා ගන්නා අතර අපගේ ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් ඒවා අධීක්ෂණය කරනු ලැබේ.

අපගේ විශේෂ අවස්ථා

Explore Brown Grow (Pvt) Ltd

post Image
post Image
About Browngrow


post Image

කොහුබත් භාවිතා කල යුත්තේ ඇයි?

ඕනෑම බෝගයකට සුදුසු කාබනික වගා මාධ්‍යයක්

ශ්‍රී ලංකාවේ පොල් වතුවල පිටත ලෙල්ලෙන් ලබාගත් පොල් කොහු කෙඳි ලොව හොඳම බෝග වගා කරන මාධ්‍යයකි. කොහුබත් වගා මලු ස්වභාවික, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, නිවර්තන දේශගුණයේ හොඳින් වර්ධනය වන, පස සහ අනෙකුත් වගා මාධ්‍යවලට සාපේක්ෂව 100% ජෛව හායනයට ලක්විය හැකි සහ පරිසර හිතකාමී බැවින් සියලුම භෝග සඳහා කදිම කාබනික පදනමකි.

More


BROWN GROW

ඔබට වගා කිරීමට සූදානම් විසදුම ලබාදීමට සූදානම්

Brown Grow grow bags, starter plugs, starter cubes, faster bags, gerbera disks සහ අනෙකුත් කොහුබත් නිෂ්පාදන නිෂ්පාදනය කරනු ලබන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ඉතා සූක්ෂම ලෙස තෝරා ගන්නා ලද ජල කාර්යක්ෂමතාව, උසස් පෝෂක අවශෝෂණය සහ ප්රශස්ත වායු සිදුරු සහිත පුනර්ජනනීය කාබනික සම්පත් භාවිතයෙනි, එමගින් අපගේ පාරිභෝගිකයින්ට ශක්තිමත් ශාක සහ ඉහළ අස්වැන්නක් දිරිගන්වන උසස් නිෂ්පාදනයක් පිරිනමනු ලබයි.

Brown Grow නිෂ්පාදන විශේෂිත බෝග වර්ග අනුව සංවර්ධනය කෙරේ. තක්කාලි, පිපිඤ්ඤා, ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරීස්, ජර්බෙරා, රෝස මල් සහ ගංජා සඳහා විශේෂිත කොහු වගා බෑග් අප සතුව ඇත.

More

නිෂ්පාදන

පහත දැක්වෙන අපගේ පුළුල් පරාසයක පොල් කොහුබත් නිෂ්පාදන වලින් ඔබ වගා කිරීමට අපේක්ෂා කරන බෝගය සඳහා වඩාත් සුදුසු කොහුබත් නිෂ්පාදනය තෝරන්න. ඔබ වගා කරන බෝගය සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදන සහ දේශගුණික තත්ත්වයන් මෙන්ම වාතය සහ ජලය රඳවා ගැනීමේ හැකියාව, pH මට්ටම, විද්‍යුත් සන්නායකතාව (EC), ප්‍රමාණය සහ ඇසුරුම් කරන ආකාරය යනාදිය ගැන වැඩි විස්තර සඳහා ඒ ඒ පිටුවට යන්න.

NURSERIES

තවාන්

Brown Grow බීජ රෝපණය සඳහා යොදා ගන්නා ස්ටාර්ටර් ප්ලග් සහ කියුබ් (Stater plugs & cubes), හොඳින් සෝදා ගත් කොහුබත් පීට් සහ ලෙලි කැබලි වල විශේෂිත මිශ්‍රණයක් යොදා ගෙන තවාන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

More
Vegetables

එළවළු වර්ග

Universal Solar බෑග්, ෆාස්ටර් බෑග් (Faster Bags) සහ Brown Grow වගා මළු යන අපගේ වගා මළු පරාසය එළවළු සඳහා ප්‍රශස්ත කොහුබත් පීට් පාංශු මිශ්‍රණයක් යොදා ගෙන සකස් කර ඇති අතර ඒ මඟින් ඉහළ අස්වැන්නක් ලබා ගත හැක.

More
Berries

බෙරි වර්ග

Brown Grow නිෂ්පාදනය කරන ෆාස්ටර් බෑග් (Faster Bags) සහ ඇක්වා වගා මළු (Aqua Grow Bags), බෙරි වර්ග සඳහා හොඳින් ගැලපෙන, කුඩා පළතුරු වල වර්ධනයට සහ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා සහය වන කොහුබත්/chips මිශ්‍රණය සපයයි.

More
Flowers

මල් වර්ග

Brown Grow නිෂ්පාදනය කරන Universal disc නිෂ්පාදන පරාසය විශේෂයෙන් නිර්මාණය කර තිබෙන්නේ ජර්බරා, ලිලී සහ රෝස වැනි මල් සඳහා ශීඝ්‍ර වර්ධනයක් ලබා දෙන පැල බඳුනකට සරිලන ආකාරයෙනි.

More
Cannabis

ගංජා

විෂ නොවන, පුනර්ජනනීය සහ ඉහළ ඵලදායි වර්ධනය මාධ්‍යයක් වන පොල් කොහුබත් ගංජා වගාව සඳහා කදිම විසඳුමකි.

More
Blueberries

බ්ලූබෙරි

ජලය රඳවා ගැනීමේ හැකියාව සහ ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ වලින් ශාකය පෝෂණය කිරීමේ හැකියාව නිසා බ්ලූබෙරි වගාවට හොඳම විසඳුම පොල් කොහුබත් වේ.

More
Gerberas

ජර්බරා

ජර්බෙරා සඳහා පහසු වැඩෙන මාධ්‍යයක් වන පොල් කොහුබත් තැටි භාවිතයෙන් මල් වගාකරුවන්ගේ ශ්‍රම කාලය අඩු කර ගත හැකිය.

More
White Lable Products

WHITE LABEL

පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා වලට ගැලපෙන ආකාරයට පොල් කොහුබත් නිෂ්පාදන සැලසුම් කිරීමට Brown Grow දැඩි අවධානයක් යොමු කරයි.

More

දැන්ම ඇණවුම් කරන්න

ඔබගේ ඇණවුම අපට එවන්න